ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අප්‍රේල් මාසය සඳහා වන නිල විභාග කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත. මෙම දින දර්ශනයට අනුව රාජ්‍ය අංශයේ ප්‍රධාන තරඟ විභාග සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග රැසක් පැවැත්වීමට නියමිත අතර, මෙය රජයේ නිලධාරීන්ට මෙන්ම නව රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට ඉතා වටිනා අවස්ථාවකි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළමනාකරණ සහකාර තරඟ විභාගය: අප්‍රේල් 04.
අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය (I, II, III): අප්‍රේල් 05.
වනසත්ව නියාමක තනතුර සඳහා වන බඳවා ගැනීමේ විභාගය: අප්‍රේල් 05.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ (ICTS) විභාගය: අප්‍රේල් 18.
ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගය: අප්‍රේල් 18, 19, 20, 21, 22, 23.
ප්‍රාචීන පණ්ඩිත මධ්‍ය විභාගය: අප්‍රේල් 18 සිට 27 දක්වා.
ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය: අප්‍රේල් 18 සිට 30 දක්වා.
වනජීවී අඩවි සහකාර ශ්‍රේණිය III බඳවා ගැනීමේ විභාගය: අප්‍රේල් 19.
ශ්‍රී ලංකා නාවික හමුදාව කළමනාකරණ සහකාර විභාගය: අප්‍රේල් 25.
කම්කරු දෙපාර්තමේන්තුව කාර්යක්ෂමතා කඩඉම් විභාගය: අප්‍රේල් 26.